හිලරි සුළි කුණාටුවෙන් ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට තවදුරටත් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

මේ වන විට හතරවන කාණ්ඩයේ සුළි කුණාටුවක් දක්වා හිලරි සුළි කුණාටුව වර්ධනය වී තිබෙනවා.

මේ අහේතුවෙන් මෙක්සිකෝවේ බාජා කැලිෆෝනියා අර්ධද්වීපයට අධික වර්ෂාපතනයක් වාර්තා වී තිබෙනවා.

එම ප්‍රදේශයේ පැයට කිලෝමීටර් 215 ක වේගයෙන් සුළං හමා යන බවයි වාර්තා වන්නේ.

වසර 80 කට පසුවයි කැලිෆෝනියාව හරහා සුළි කුණාටුවක් හමා යන්නේ.

වයඹ දෙසින් ඇතුළු වන එය දකුණු කැලිෆෝනියා, නෙවාඩා,ඇරිසෝනා සහ ඌටා දෙසට ගමන් කරනු ඇති.

WhatsApp Group

Skip to content