ආර්ථික බංකොලොත්භාවය සෙවීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද කැඳවා තිබෙනවා.

එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සදහන් කළේ මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ද අද දිනයේදී කාරක සභාව හමුවට කැඳවා ඇති බවයි.

මෙහිදි ආර්ථිකය බංකොලොත් වීමට හේතු වූ කාරණා සම්බන්ධයෙන් ඔහුගෙන් සාක්ෂි විමසීමට ද නියමිතයි.

මේ අතර කාරක සභාව හමුවට විශ්ව විද්‍යාල ආර්ථික විශ්ලේෂකයින් ඉදිරිපත් කළ වාර්තා ද මීට සමගාමිව අධ්‍යනය කිරීමට කටයුතු යොදා ඇති බවටයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content