පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම භාවිත කිරීම තහනම් කිරීම හේතුවෙන් ඒවා ළඟම තැපැල් කාර්යාලයට හෝ පාර්ලිමේන්තුවට බාර දෙන ලෙස තැපැල් දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදුන් එම මුද්දර අවලංගු ඒවා හැටියට සලකන ලෙස දිවයිනේ සියලුම තැපැල් කාර්යාලවලට දැනුම් දී ඇති බවද තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට වාර්ෂිකව රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා මුද්දර නොමිලේ නිකුත් කෙරෙන අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සපයා ඇති සියලු පහසුකම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ අහෝසි  වනවා .

WhatsApp Group

Skip to content