පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට වන්දි ලෙස හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා ගෙවීමට නියමිතව තිබූ රුපියල් මිලියන 10ක මුදල මේ වන විට ගෙවා අවසන් කර තිබෙනවා.

එමෙන්ම හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ගෙවීමට නියමිත රුපියල් මිලියන 50ක මුදලින් මේ වන විට රුපියල් මිලියන 2ක මුදලක් ගෙවා අවසන් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මෙහිදී හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රානාන්දු මහතා රුපියල් මිලියනයක් සහ හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා රුපියල් මිලියන 05ක් ලෙස නැවත ගෙවා ඇති මුදල රුපියල් මිලියන 6ක් බව හානි පූර්ණය සදහා වන කාර්යාලය සදහන් කළා.

ඒ අනුව මේ දක්වා පාස්කු ප්‍රහාරයේ විනිදිතයන්ට රුපියල් තුන්කෝටී තිස් අට ලක්ෂ 25,588යි සත 37ක මුදලක් ගෙවා අවසන් කර තිබෙනවා.

මීට පෙර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රුපියල් මිලියන 15ක්ද, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා රුපියල් දා හත් ලක්ෂ 25,588යි සත 87ක මුදලක්ද වන්දි ලෙස ගෙවීමටයි කටයුතු කළේ.

එමෙන්ම රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා රුපියල් මිලියන 4.1ක් සහ රජය වෙනුවෙන් රුපියල් මිලියනයක මුදලක්ද මේ වන විට වන්දි ලෙස ගෙවා තිබෙනවා.

WhatsApp Group

Skip to content