හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන රවී සෙනෙවිරත්න මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බීමතින් රිය ධාවනය කර රථවාහන 02ක් අනතුරට ලක්කිරීමේ සිද්ධියකට අදාළවයි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අදාළ අනතුර වැල්ලවත්ත මුහුද ආසන්න මාර්ගයේදී ඊයේ (28) රාත්‍රී සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ධාවනය කළ මෝටර් රථය, බස් රථයක සහ මෝටර් රථයක ගැටී ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඒ අනුව වැල්ලවත්ත පොලිසිය විසින් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනුණා.

මේ අතර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා අධිකරණය හමුවට අද (29) ඉදිරිපත් කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content