හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට මහතා හට ලබා දී තිබූ ජනාධිපති ආරක්ෂක කොට්ඨාශයේ ආරක්ෂාව ඊයේ සිට වත්මන් ජනාධිපතිවරයා වෙත අනියුත්ක කර තිබෙනවා.

ඒ අනුව, රනිල් වික්‍රමසිංහ මහතා හට හිටපු ජනාධිපති ආරක්ෂක කොට්ඨාශයේ ආරක්ෂාව හිමිවන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළේ.

ජනාධිපතිවරයෙකු ධූරයෙන් විශ්‍රාම යාමෙන් පසු එම ආරක්ෂාව හිටපු ජනාධිපති ආරක්ෂක කොට්ඨාශය වෙත පැවරෙනවා.

ඒ අනුව, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් 08 වැනි ආරක්ෂක ඒකකය පිහිටුවීමට නියමිත බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය වැඩිදුරටත් සදහන් කළා.

WhatsApp Group

Skip to content