හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා මහතාට අයත් මතභේදයට තුඩුදුන් මඩකලපුව පුනානි ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික විශ්වවිද්‍යාලය යළිත් වරක් ඔහුටම පවරා තිබෙනවා.

වසර 4 කට ආසන්න කාලයක් මෙම පෞද්ගලික විශ්වවිද්‍යාලය රජය සහ යුද හමුදාව එක්ව පාලනය කරනු ලැබුවා.

2019 වසරේ අප්‍රේල් මාසයේදී එල්ල වූ පාස්කු ප්‍රහාරයෙන් පසුව රජයට පවරාගත් මෙම විශ්වවිද්‍යාලය කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් ලෙසටයි පවත්වනු ලැබුවේ.

අන්දෝලනයට තුඩු දුන් මෙම පෞද්ගලික විශ්ව විද්‍යාලය රුපියල් කෝටි 800 කට වැඩි මුදලක් වැය කර සෞදි ආරාබියේ සිටින ව්‍යාපාරිකයෙකු විසින් නැගෙනහිර ආණ්ඩුකාරවරයාට පරිත්‍යාගයක් ලෙස ලබාදුන් බවටයි එවකට වාර්තා පළ වුණේ.

WhatsApp Group

Skip to content