අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතාගේ 64 වන ගුණ සමරුව අද පෙරවරුවේ පැවැත්වුණා.

ඒ, හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසලදීයි.

මෙයට සමගාමිව හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ 23 වන ගුණ සමරුව සහ හිටපු කතානායක අනුර බණ්ඩාරනායක මහතාගේ 15 වන ගුණ සමරුව ද සිදු කෙරුණා.

එම අවස්ථාවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතු`ඵ පක්ෂ විපක්ෂ නියෝජිතයින් රැසක් එක්ව සිටියා.

එමෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එම ගුණ සැමරුම් උත්සවය සදහා එක්ව සිටියා.

https://www.vnews.lk/storage/2023/09/MAITHREEPALA-EDIT-1.mp3?_=1

WhatsApp Group

Skip to content