හිජාබ් ඇඳුම් ඇතුළු ඉරාන කාන්තාවන්ගේ ඇඳුම් පිළිබඳ නීති කඩ කළහොත් දැඩි දඬුවම් පනවන පනතක් එරට පාර්ලිමේන්තුව සම්මත කර තිබෙනවා.

මේ අනුව නුසුදුසු ඇඳුම් ඇද සිටියහොත් වසර 10 කට සිර දඬුවම් ලබාදීම සඳහා මෙම පනත සම්මත කර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම වසර තුනක නඩු විභාගයකට මුහුණදීමට ද ඔවුන්ට සිදු වනවා.

කෙසේ වෙතත් මෙය නීතියක් බවට පත් කිරීම සඳහා ගාඩියන් කවුන්සිලයේ අනුමැතිය අවශ්‍ය බවටයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මේ අනුව වැඩිවියට පත් ගැහැණු ළමුන් සහ කාන්තාවන් තම හිසකෙස් හිජාබයකින් ආවරණය කළ යුතු වනවා.

WhatsApp Group

Skip to content