හිඟුරක්ගොඩ ගුවන්තොටුපොළ ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා ප්‍රමිතීන්ට අනුකූලව සංවර්ධනය කිරීමට තීරණය කර තිබෙනවා.

මේ වන විට මෙම ගුවන්තොටුපොළ මෙහෙයවනු ලබන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කළමනාකාරිත්වය යටතේයි.

හිඟුරක්ගොඩ ගුවන්තොටුපොළ සඳහා ප්‍රධාන සැලැස්ම සකස් කිරීම සහ ඊට අදාල අනෙකුත් කාර්යයන් සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය, සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගම සහ මාර්ග සංවර්ධන අධිකාරිය යන ආයතනවල නියෝජිතයින්ගෙන් යුත් කමිටුවක් පත්කර තිබෙනවා.

මෙම කමිටුවේ නිර්දේශ පරිදි හිඟුරක්ගොඩ ගුවන්තොටුපොළ අංග සම්පූර්ණ ගුවන්තොටුපොළක් වශයෙන් සංවර්ධනය කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content