හැටන් ඇතුළු නුවරඑලිය දිස්ත්‍රික්කයේ සිපෙට්කෝ සහ අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හල් වල අද (01) දින අලුයම සිට ඩීසල් සහ පෙට්‍රල් ඉන්ධන නොමැති වීම නිසා රථ වාහන හිමියන් දැඩි අසීරුතාවයකට පත් ව තිබුණා.

රජය මඟින් (01) දින අලුයම සිට ඉන්ධන මිල අඩු කිරිමට ීරණය කිරිමත් සමඟ හැටන් ඇතුළු නුවරඑලිය දිස්ත්‍රික්කයේ සිපෙට්කෝ සහ අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හල් හිමියන් ඉන්ධන තොග සංචිතයේ තබා නොගැනිම නිසා මෙම ඉන්ධන හිගය ඇති වි ඇති වී තිබූ අතර ඇතැම් ඉන්ධන පිරවුම්හල් වල (31) දින පස්වරුවේ සිටම ඉන්ධන නොමැති වීම නිසා ඉන්ධන සංචිතයේ තිබුණු ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගැනිමට දිගු වාහන පෝලිම් දක්නට ලැබුණා.

 

 

WhatsApp Group

Skip to content