හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයට අයත් කේ.ඩි.එච් වර්ගයේ වෑන් රථය වෙනත් පුද්ගලයෙකු විසින් බිමත්ව ධාවනය කර ඇති බවට හැටන් කලාපයේ ගුරුවරුන් පිරිසක් විසින් හැටන් පොලිසියට (09) දින පැමිණිලි කර තිබුණා.

නුවරඑලිය මහාධිකරණයේ අතුරු තහනම් නියෝගයක් හේතුවෙන් දැනට සේවයෙන් ඉවත් වි සිටින හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගේ ඥාතියෙකුගේ හැටන් දික්ඔය පුලියාවත්ත ප්‍රදේශයේ පැවති මල්වර උත්සවයකට සහභාගි විම සදහා පිරිසක් එම වෑන් රථයෙන් වෙනත් පුද්ගලයෙකු විසින් රැගෙන ගොස් ඇති බවත්, එම උත්සවයට අවශ්‍ය මත්පැන් රැගෙන ඒමටද අදාල වෑන් රථය භාවිතා කර ඇති බවටද එම ගුරුවරුන් විසින් හැටන් පොලිසියට කර ඇති පැමිණිල්ලේ සටහන් කර තිබෙනවා.

එම වෑන් රථය උත්සව ශාලාවෙන් පිටතට පැමිණෙන අවස්තාවේ එම උත්සවයට සහභාගි වි සිටි ගුරුවරුන් පිරිසක් හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයට අයත් වෑන් රථය අධික ලෙස  බිමත්ව සිටින වෑන් රථයේ නිල නොවන රියදුරෙකු විසින් වෑන් රථය හැටන් දෙසට ධාවනය කරන බවට හැටන් පොලිසියට දුරකථනය ඔස්සේ  කල දැනුම් දිමක් මත හැටන් පොලිසියේ නිලධාරින් විසින් වෑන් රථය හැටන් දික්ඔය ප්‍රධාන මාර්ගයේ අලුත්ගම ප්‍රදේශයේදි නතර කර පරික්ෂා කිරිමේදි එම වෑන් රථය ධාවනය කල රියදුරු මාරු කර ඇති බවත්, බිමත්ව වෑන් රථය ධාවනය කල රියදුරාව අතරමගදි වෑන් රථයේ නිල රියදුරා විසින් මාරු කර ඇති බවටද එම ගුරුවරුන් විසින් කර ඇති පැමිණිල්ලේ වැඩිදුරටත් සටහන් කර තිබෙනවා.

වෑන් රථය හැටන් පොලිසියේ නිලධාරින් විසින් නතර කර පරික්ෂා කිරිමේදි වෑන් රථයේ සිටි පිරිස අතරින් එක් අයෙකු පමණක් කලාප අධයාපන කාර්යාලයේ සේවය කරන අයෙකු බවත්, අනිත් පිරිස පිටස්තර පිරිසක් බවයි හැටන් පොලිසියට පැමිණිලි කර ඇති ගුරුවරුන් කියා සිටියේ.

තම කලාප කාර්යාලයට අයත් වෑන් රථය ධාවනය කරන අවස්තාවේ කිසියම් පිරිසක් වෑන් රථය නතර කිරිමට උත්සහ කල බවට එම වෑන් රථයේ නිල රියදුරා විසින්ද හැටන් පොලිසියට පැමිණිල්ලක් කර තිබුණා.

දෙපාර්ශවයේම පැමිණිලි සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදු කරන බව හැටන් පොලිසියේ සුළු පැමිණිලි අංශයේ නිලධාරියෙකු පැවසූ අතර වෑන් රථය උත්සව ශාලාවෙන් පිටවන අවස්තාවේ වෑන් රථය ධාවනය කල රියදුරා අතරමගදි මාරු කර ඇති බවට අදාල විඩියෝ දර්ශන තමන් සතුව ඇති බවට එම ගුරුවරුන් විසින් හැටන් පොලිසියට දැනුම් දි තිබෙනවා.

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයේ වෑන් රථය පෞද්ගලික උත්සවයක් සදහා වෙනත් රියදුරෙකු විසින් භාවිතා කිරිම සම්බන්ධයෙන් අප හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයේ උසස් නිලධාරියෙකුගෙන් කරුණු විමසිමට උත්සහ කිරිමේදි එම නිලධාරියා කියා සිටියේ එම සිද්ධිය සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බවයි.

 

WhatsApp Group

Skip to content