හැකි ඉක්මනින් පළාත් පාලන ඡන්දය පැවැත්වීමට කටයුතු කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළා.

පලාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාර දුන් සාමාජිකයින් මුහුණපා සිටින ගැටළු සම්බන්දයෙන් විසඳුමක් ලබා ගැනීම සදහා පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන ප්‍රධානින් සහ ජනාධිපතිවරයා අතර හමුවක් ඊයේ පැවැත් වුනා.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ සාගර කාරියවසම් මහතා.

https://www.vnews.lk/storage/2023/08/SAGARA-KARIYAWASAM-EDIT.mp3?_=1

මේ අතර සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා ද පළාත් සභා මැතිවරණය පිලිබඳ අදහස් පල කර තිබුණා.

ඒ මහතා සඳහන් කළේ මෙම මැතිවරණය පැවැත්වුවහොත් අනිවාර්යයෙන්ම ආණ්ඩුව දැවැන්ත පරාජයක් ලබා ගන්නා බවයි.

https://www.vnews.lk/storage/2023/08/THISSA-ATHTHANAYAKA-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content