හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර මහත්වරුන්ගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුර දෙක සම්බන්ධයෙන් හෙට ජාතික මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දෙන බව, පාර්ලිමේන්තුව පවසනවා.

පාර්ලිමේන්තු මහලේකම් කුෂානී රෝහණධීර මහත්මිය සඳහන් කළේ, ඔවුන්ගේ මන්ත්‍රී ධුර සම්බන්ධයෙන් වන අධිකරණ තීන්දුව මෙතෙක් පාර්ලිමේන්තුවට ලැබී නොමැති බවයි.

ඒ අනුව හෙට එම අධිකරණ තීන්දුව ලබාගෙන, මැතිවරණ කොමිසම දැනුවත් කරන බව, ඇය සඳහන් කළා.

මේ අතර මනූෂ නානායක්කාර මහතාගේ මන්ත්‍රී ධුරයට, සමගි ජන බලවේගයේ මනාප ලැයිස්තුව අනුව, බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පත් කිරීමට නියමිතයි.

හරීන් ප්‍රනාන්දු මහතාගෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට ඉදිරියේදී අයෙකු නම් කරන බවයි සමගි ජන බලවේගය සදහන් කළේ.

මේ එම මන්ත්‍රිධුරය සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් තිදෙනෙකුගේ නම් යෝජනා වී තිබෙනවා.

ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර , සුජීව සේනසිංහ සහ අජිත් පී පෙරේරා මහතා අතරින් අයෙකු එම මන්ත්‍රිධුරය සදහා නම් කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content