රජයට අයත් පූර්ණ ස්වයං මූල්‍ය උත්පාදන ආයතනයක් වන එන් එස් බී එම් අධ්‍යාපන ආයතනය මගින් වෛද්‍ය පීඨයක් ස්ථාපිත කිරීමට තීරණය කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යංශය මෙන්ම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේද සෘජු අධීක්ෂණය සහ නියාමනය යටතේ මෙම වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීමට නියමිතයි.

එමගින් එම් බී බී එස් උපාධිය පිරිනැමීමට ද යෝජනා වී තිබෙනවා.

එම උපාධි පාඨමාලාව සදහා වාර්ෂිකව දේශීය සහ විදේශීය සිසුන් 500 ක් බඳවා ගැනීමට ද අපේක්ෂිතයි.

හෝමාගම මූලික රෝහල එම වෛද්‍ය සිසුන් සදහා සායනික පුහුණුව ලබාදීමට සුදුසු රජයේ රෝහලක් වශයෙන් වෙන් කිරීමට එස් එස් බී එම් ආයතනය මේ වන විට අනුමැතිය ඉල්ලා ඇති බවද සදහන්.

WhatsApp Group

Skip to content