සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක හෙවත් හරක් කටා තවත් දින පහක් රඳවා ගෙන ප්‍රශ්න කෙරෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ වෙත අද දැනුම් දී ඇත.

එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසරක් රඳවා ගත හැකි අතර, දින 90 බැගින් ලබා ගත් රැඳවුම් නියෝග ප්‍රකාරව ඔහු දින 360ක් රඳවා සිටි බවයි.

ඒ අනුව ඉතිරි දින පහ රඳවා තබා ගැනීමට පියවර ගෙන ඇති බව ද එහි නිලධාරින් අධිකරණයට ප්‍රකාශ කළා.

WhatsApp Group

Skip to content