නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැත්තාට පලා යාම සඳහා ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වීමෙන් අනතුරුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් පොලිස් සැරයන් ගේ රජකාරී වැඩ තහනම් කර තිබෙනවා.

මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අනුයුක්ත සේවය කළ පොලිස් සැරයන්වරයකුගේ සේවයා මෙලෙස අත්හිටුවා ඇති බවයි පොලිස් මුලස්ථානය සඳහන් කලේ.

හරක් කටා නැමැත්තා පොලිස් කොස්තාපල්වරයෙක්ගේ උදව් උපකාර මත පලායාම ට සැලසුම් කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝග හා උපදෙස් මත ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශන සිදුකරන අතර වාරයේදී ඒ සඳහා සූදානම් කර තිබූ යතුරුපැදිය සහ ආරක්ෂක හිස් වැස්මක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරිශ්‍රයේ තිබී සොයා ගැනුණා .

WhatsApp Group

Skip to content