සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක හෙවත් හරක්කටාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැනයාමට තැත් කිරීමේ අසාර්ථක උත්සහයකට ආධාර අනුබල දුන් පොලිස් සැරයන්වරයෙකු දුරකතන දත්ත විශ්ලේෂන ඔස්සේ සිදුකළ විමර්ශනයක දී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හරක්කටාට පැනයාමට තැත්කල මෙහෙයුම විදෙස්ගතව මෙහෙයවූ රුවන් චාමර හෙවත් මිදිගම රුවන් නැමැත්තා සමග ද මෙම පොලිස් සැරයනවරයා වට්ස්ඇප් හරහා සම්බන්ධවෙමින් කටයුතු කර ඇති බවයි විමර්ශන වලින් අනාවරණ වී තිබේ.

WhatsApp Group

Skip to content