හයිටි රාජ්‍යයට බලපෑ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 42 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව 84 දෙනෙකු රෝහල් ගතකර තිබෙනවා.

ගංවතුරෙන් නිවාස දහසකට ආසන්න සංඛ්‍යාවක් විනාශ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ගංගා කිහිපයක් පිටාර ගැලීම හේතුවෙන් මෙම ගංවතුර තත්ත්වය හට ගෙන ඇති අතර නායයාම් සහ ගල් කඩා වැටීම් ද වාර්තා වී ඇති බව සඳහන්.

මේ හේතුවෙන් 13,300 කට අධික පිරිසකට නිවාස අහිමිව අවතැන් කදවුරුවල සිටින අතර පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

 

WhatsApp Group

Skip to content