තායිවානයට බලපා ඇති හයිකුයි චන්ඩ මාරුතයෙන් පුද්ගලයන් 40 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

චණ්ඩ මාරුතය හේතුවෙන් හමා යන අධික සුළං තත්ත්වය හේතුවෙන් ගස් කඩා වැටීමෙන් සිදු වූ අනතුරුවලින් මොවුන් තුවාල ලබා තිබෙනවා.

ඊයේ සිට තායිවානයේ නැගෙනහිර මුහුදු තීරයට දැඩි වර්ෂාතනයක් හට ගෙන ඇති බව සදහන්.

වසර 4 කට පසුවයි මෙවැනි වර්ෂාධික කාලගුණික තත්ත්වයක් තායිවානයට බලපා ඇත්තේ.

නිවාස එක්ලක්ෂ හැට දහසකට විදුලිය ඇණහිට ඇතැයි වාර්තා වනවා.

මේ වසරේදී බටහිර පැසිපික් කලාපය ආශ්‍රිතව මෙවැනි චණ්ඩමාරුත 11 ක් හටගෙන ඇති බව ද සදහන්.

WhatsApp Group

Skip to content