ශ්‍රි ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලයේ 07 වන වාර්ෂික අධ්‍යයන සැසිවාරය – 2024 (Sri Lanka college of Military Medicine the Inauguration Ceremony of the 7th Annual Academic Sessions) සමාරම්භක උත්සවය ඊයේ (15) වැලිසර නාවික වෙිව් එන් ලේක් “Wave N’ Lake Navy Hall”  ශාලාවේ දී පැවැත්විනි.

හමුදා වෛද්‍ය  විද්‍යාවේ විශිෂ්ටත්වයට විවිධත්වය ඇතුළත් කිරීම “Diversity and Inclusion Towards Excellence in Military Medicine” යන්න තේමා කර ගනිමින් පැවැති මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයින් ලෙස සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) යන මහත්වරුන් එක්ව සිටියහ.

මෙහිදී ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලය විසින් පසුගිය කාලය පුරාවට ක්‍රියාත්මක කරන ලද පුහුණු වැඩසටහන්, පර්යේෂණ, වැඩමුළු, සෞඛ්‍ය කඳවුරු, සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන් යන වැඩපිළිවෙල පිළිබදව දේශණ පැවැත්වුණ අතර, මෙම සැසිවාරය 15 දින සිට 17 දින දක්වා කොළඹ සිනමන් ලේක්සයිඩ් හොටලයේ දි පැවැත්වීමට ද නියමිතය.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ හමුදා වෛද්‍ය  විද්‍යාවේ විශිෂ්ටත්වයට විවිධත්වය ඇතුළත් කිරීම යන තේමා පාඨය  ඉතා කාලෝචිත තේමා පාඨයක් බවයි. ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ දී නවීන තාක්ෂණය ද වෛද්‍ය විද්‍යාවට ඇතුලත් කර ගනිමින් තාක්ෂණික දැනුම් සම්භාරයක් සමග ප්‍රතිකාර සේවාවන් සිදු කිරිම ද ඉතා වැදගත් වන බව ද පෙන්වා දෙන ලදි. එමෙන්ම මෙරට පැවැති යුධ වාතාවරණය සමයේ දි මෙන්ම ස්වභාවික ආපදා ඇතුලු අභ්‍යන්තර නොයෙකුත් ආපදා අවස්ථාවන්හිදි ආදර්ශමත්, ධෛර්ය, කැපවීම සහ වෘත්තීය නිපුනත්වය මැනවින් හමුදා වෛද්‍ය වෘත්තිකයින් පෙන්නුම් කළ බව ද පැවැසීය.

මෙහිදී 07 වන වාර්ෂික අධ්‍යයන වර්ෂික සැසිවාරයට සමගාමීව  “වාර්ෂික අධ්‍යයන සැසිය 2023 -2024” කෘතිය සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුලු අරාධිතයින් හට පිළිගැන්වීම ද සිදු කරන ලදි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලයේ සභාපති, ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවික දන්ත සේවා අධ්‍යක්ෂ, ශල්‍ය වෛද්‍ය කොමදෝරු ආර්.පි.එන්.එන් විඡේදෝරු, ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලයේ ලේකම් ශල්‍ය වෛද්‍ය කැප්ටන් දිනේෂ් ආරියදේව ශ්‍රී ලංකා නාවික හමුදාවේ  මනෝ චිකිත්සක උපදේශක ශල්‍ය වෛද්‍ය කැප්ටන් තුෂාරි හෙනගම යන මහත්ම මහත්මීන් ඇතුලු ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලය නියෝජනය කරමින් නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

 

 

WhatsApp Group

Skip to content