පොදු සමා කාලය තුළ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් නවදහසක් නීත්‍යාණුකුලව සේවයෙන් ඉවත් කළ බව යුද හමුදා මුලස්ථානය පවසනවා.

නිවාඩු ලබා සේවයට වාර්තා නොකර සිටින හමුදා සාමාජිකයින් සදහා පසුගිය අප්‍රේල් 20 වනදා සිට සති දෙකක පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබුණා.

ඒ අනුව අදාළ කාලය තුළ හමුදා සාමාජිකයින් 9770ක් සේවයෙන් ඉවත් වී ඇති බවයි යුද හමුදා මුලස්ථානය සදහන් කළේ.

අදාල පොදු සමා කාලය ලබන 20 වනදා දක්වා ක්‍රියාත්මක වනවා.

WhatsApp Group

Skip to content