හමාස් සංවිධානය අතර අද සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ සටන් විරාමය ප්‍රමාද විය හැකි බව ඊශ්‍රායලය සඳහන් කර තිබෙනවා.

අද දිනයේ සිය දින හතරක් තාවකාලික සටන් විරාමය ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

කෙසේ වෙතත් තාවකාලික සටන් විරාමයකට පිවිසීමට ඇති පසුබිමක ඊයේ රාත්‍රියේද ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානයට ප්‍රහාර එල්ල කර තිබෙනවා.

මේ අතර ඊශ්‍රායල – හමාස් ගිවිසුම අනුව හමාස් සංවිධානය යටතේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 50 දෙනෙකු සහ ඊශ්‍රායල සිරගෙවල් වල සිටින පලස්තීන කාන්තාවන් මහ තරුණයින් 150 දෙනෙකු නිදහස් කිරීමටද නියමිතව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content