ප්‍රාණ ඇපකරුවන් සහ සිරකරුවන් හුවමාරු කරගැනීම වෙනුවෙන් හමාස් සංවිධානය ඇමරිකාව ඇතුලු මැදිහත්කරුවන් වෙත සටන් විරාම යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙහිදී පලස්තීන සිරකරුවන්ට නිදහස ලබාගැනීම සඳහා ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමටයි හමාස් සංවිධානය යෝජනා කර තිබෙන්නේ.

කෙසේ වෙතත් මේ පිළිබඳව තවමත් ඊශ්‍රායලය ඇතුලු මැදිහත්කරුවන් අවසන් ප්‍රකාශයක් නිකුත් කර නොමැති අතර, හමාස් සංවිධානය යථාර්ථවාදී නොවන ඉල්ලීම් සිදුකරන බවට ඔවුන් චෝදනා කරනවා.

WhatsApp Group

Skip to content