ඊශ්‍රායලය ගාසා තීරයෙන් සම්පූර්ණයෙන් ඉවත් වන තුරු සටන් විරාමයකට එළඹීම හමාස් සංවිධානය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එම සංවිධානයේ නියෝජිතයින් පිරිසක් සහ ඊජිප්තුවේ ඉහළ පෙලේ ආරක්ෂක නිලධාරින් පිරිසක් අතර කයිරෝ නුවරදී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහිදී හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන හම්ඩාන් සදහන් කර ඇත්තේ, තම සංවිධානය විසින් රදවාගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරනු ලබන්නේ ද ඊශ්‍රායලය, ගාසා තීරයෙන් සම්පූර්ණයෙන් ඉවත් වන්නේ නම් පමණක් බවයි.

WhatsApp Group

Skip to content