හමාස් සංවිධානයට ගාසා තීරයේ පාලනය අහිමි වී ඇති බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශයක් කරමින් සදහන් කර තිබෙනවා.

පසුගිය ඔක්තෝම්බර් 07 වැනිදා මෙම යුධ ගැටුම් ආරම්භ වූ අතර, මේ දක්වා කාලය තුළ ඊශ්‍රායලය විසින් රොකට් ප්‍රහාර 500ට වැඩි ප්‍රමාණයක් එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙම ප්‍රහාර හමුවේ පලස්තීන වැසියන් 11,200ට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, හමාස් සංවිධානයේ සාමාජිකයන් 1,200ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව නිළ වශයෙන් තහවුරු වී තිබෙනවා.

WhatsApp Group

Skip to content