පොළොන්නරුව හබරණ ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයකින් සේවය ලබා ගැනීමට පැමිණි විදේශීය රටක කාන්තාවක් ලිංගික අතරවරයකට ලක් වූ බවට පොළොන්නරුව සංචාරක පොලිසියට පැමිණිලි ලැබී ඇතැයි පොලිසියේ ප්‍රකාශකයකු පැවසීය.

එම ආයුර්වේද මධ්‍යස්ථානයේ පුද්ගලයකු අතින් ඉකුත් අටවන දා මෙසේ ලිංගික ආතවරයකට ලක් වූව කියන මෙම කාන්තාව එංගලන්ත ජාතික හැට දෙක හැවිරිදි කාන්තාවක් බව එම ප්‍රකාශකයා පැවසීය.

සිදුවීම සම්බන්ධයෙන් හබරණ පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

WhatsApp Group

Skip to content