2024 මක්කම හජ් වන්දනා සමය ආරම්භ කරමින් එයට සහභාගි වීමට නියමිත 3500 ක් වූ ඉස්ලාම් බැතිමතුන් පිරිසක් අතරින් 68 දෙනෙකුගෙන් යුතු පළමු කණ්ඩායම සවුදි ආරාබිය බලා පිටත්ව ගොස් තිබෙනවා.

එම පිරිසෙන් 34 දෙනෙකු කාන්තාවන් බවයි අප ගුවන් තොටුපල වාර්තාකරු සදහන් කළේ.

මෙම පිරිස පිටත්ව යාමට පෙර පැවති උත්සවයට බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සහ ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කාලීඩ් හමඩ් අල් – කන්තානි මහතා සහභාගි වී තිබෙනවා.

WhatsApp Group

Skip to content