හංවැල්ල, නිරිපොළ ප්‍රදේශයේ නාඳුනන තුවක්කුකරුවෙකු අද (04) දහවල් යතුරුපැදියකින් පැමිණ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මන්නා රොෂාන් නැමැත්තාගේ සහෝදරයා සහ ඔහුගේ ගෝලයෙකු ගමන් කරමින් සිටි කැබ් රථයකට එලෙස වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වේ.

වෙඩිවැදීමෙන් කැබ් රථයේ ගමන්ගත් පුද්ගලයින් දෙදෙනා රෝහල්ගත කර ඇති අතර, එහිදී 31 හැවිරිදි නිරිපොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මන්නා රොෂාන්ගේ සහෝදරයා මියගොස් තිබේ.

WhatsApp Group

Skip to content