මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙකු හංවැල්ල පොලීසිය මගින් අත්අඩගුවට ගෙන තිබෙනවා.

අගෝස්තු 06 වනදා හංවැල්ල පොලිස් වසමේ තුම්මෝදර කුමාරි ඇල්ලට යන මාර්ගයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධ වලින් පහරදී ඝාතනය කර තිබුනා.

එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් අනතුරුව ඝාතනයට සම්බන්ධ එක් අයෙකු වරකාපොලදී අත්අඩංගුවට ගැනීමට හංවැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් සමත් වුනා.

ඔහුගෙන් කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී මෙම අපරාධයට ආධාර අනුබල ලබාදුන් අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content