සෞදි අරාබියේ රියාද් නුවර බලා 10/10 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 01 යි විනාඩි 35 ක ගුවන් ගමනකින් පසු , ගුවන් යානය කාර්මික දෝශයකට ලක් වීම නිසා  යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට , එම යානයේ ගුවන් නියමුවා විසින්  පියවර ගෙන ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශය නිකුත් කළ නිවේදනයක සදහන් වේ.
 ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 265 දරන ගුවන් යානය ගුවන් මගීන් 215 දෙනෙකු රැගෙන 10/10 දින රාත්‍රී 06.15 ට කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබේ .
මෙම ගුවන් යානය කාර්මික දෝශයකට ලක් වීම නිසා යළිත් මෙම ගුවන් යානය 10/10 දින රාත්‍රී 07.50 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පියවර ගෙන ඇති බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
මෙහිදී සෞදි අරාබියේ රියාද් නුවර වෙත කඩිනමින් යාමට අවශ්‍යතා ඇති ගුවන් මගීන් වෙනත් , විකල්ප ගුවන් යානා මගින් පිටත් කර හැරීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය පියවර ගෙන තිබූ අතර ඉතිරි ගුවන් මගීන් පිරිස ගුවන් තොටුපොළ අසළ හෝටල් වෙත යොමු කිරීමට ද පියවර ගෙන තිබුණි .
කාර්මික දෝශයකට ලක් වූ ඒ.330 වර්ගයේ මෙම ගුවන් යානය මේ වනවිට අලුත්වැඩියා කටයුතු සදහා යොමු කර ඇති බව ද ශ්‍රී ලන්කන් ඉංජිනේරුවන් විසින් සිදු කරමින් සිටිති .

WhatsApp Group

Skip to content