මට මගේ අතින් බත් කටක් කන්න බෑ . මට ඔලුව පීරා ගන්න බෑ . නිදා ගන්න බෑ , හුස්ම හිර වෙනවා . යැයි සෞදි අරාබියේ ගෘහ සේවය සදහා ගොස් එහිදී රිය අනතුරකට ලක් වීමෙන් පසු ඔත්පළ වී පැමිණි ගෘහ සේවිකාවක් 10/18 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසුවාය .
ඇය බෙලිඅත්ත , ගැටමාන්න ප්‍රදේශයේ පදිංචි , ලසන්තා සුදර්ශනී නැමැති 44 හැවිරිදි තිදරු මවකි .
ඇය 10/18 දින අලුයම 04.25 ට සාජා නුවර සිට එයාර් ඇරේබියා ගුවන් සේවයේ ජී.- 9502 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියාය .
එහිදී ලසන්තා සුදර්ශනී මෙසේ පැවසුවාය . මම බෙලිඅත්ත , ගැටමාන්න ප්‍රදේශයේ පදිංචි වෙලා ඉන්නෙ . මට ළමයි තුන් දෙනෙක් ඉන්නවා . මහත්තයට කිසිම වැඩක් පළක් කර ගන්න බැහැ . අසනීපයි . අපිට ඉන්න හරිහැටි ගෙයක් දොරක් නැහැ.
මේ නිසා මම කරන්න දෙයක් නැතිම තැන සෞදි අරාබියේ ගෘහ සේවය සදහා කොළඹ , මරදාන ප්‍රදේශයේ රැකියා නියෝජිත ආයතනයකින් , ඉකුත් අගෝස්තු මස 17 දින පිටත්ව ගියා .

WhatsApp Group

Skip to content