එළඹෙන 19 සහ 20 යන දෙදින තුළ යළි සංකේත වැඩවර්ජනයකට අවතීර්ණ වීමට සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා.

මුදල් අමාත්‍යංශය විසින් සිය ආර්ථික යුක්තිය ඉටු කිරීම සදහා වූ යෝජනාවලියට නිසි විසදුම් ලබානොදීමේ තීරණය අනුව මෙම පියවර ගන්නා බවයි එම සන්ධානයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා කියා සිටියේ.

සෞඛ්‍ය වෘත්තිය සමිති 72 ක් මීට පෙර අවස්ථා කිහිපයකදී සෞඛ්‍ය වෘත්තිය සමිති ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළා.

WhatsApp Group

Skip to content