මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 52ක හිගයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

සෞඛ්‍ය අමාත්‍යය මගින් අත්‍යවශ්‍ය ඖෂධ 862ක් හදුනාගෙන තිබු අතර පසුගිය වසර වන විට ඒ අතරින් ඖෂධ 250ක හිගයක් පැවතුණා.

අමාත්‍යවරයා පැවසුවේ මේ වන විට ජාතික මට්ටමේ හිගතාවක් ලෙස වාර්තා වී ඇත්තේ ඖෂධ 52ක ප්‍රමාණයක් පමණක් බවයි.

WhatsApp Group

Skip to content