ජාතික කායික රෝග දිනයට සමගාමීව ශ්රී ලංකා කායික රෝග වෛද්ය විද්යා ආයතනයේ ( Sri Lanka College of Internal Medicine- SLCIM ) පොදු ජන වෙද වෙබ් පිටුව (https://public.slcim.lk/) දියත් කිරීම සෞඛ්ය හා කර්මාන්ත අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ හා සෞඛ්ය ලේකම් විශේෂඥ වෛද්ය පාලිත මහීපාල මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ ( 13) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී සිදු කෙරිණි.
වඩාත් නිරවද්යවූත් විද්යාත්මකවූත් සෞඛ්ය තොරතුරු මහජනතාව වෙත ලබා දීම මෙම වෙබ් පිටුවේ අරමුණයි. මහජනතාවගේ සෞඛ්ය පිළිබඳ පවතින මිථ්යා මත දුරු කර ජනතාවට නිවැරදි අවබෝධයක් ලබා දීමත් මෙමගින් අපේක්ෂා කෙරේ.
සිංහල දෙමළ හා ඉංග්රීසි යන භාෂා ත්රිත්වයෙන්ම පරිශීලනය කළ හැකි මෙම වෙබ් පිටුවේ නිරෝගී සෞඛ්ය සම්පන්න දිවි පෙවෙතක් සඳහා අවශ්ය වෛද්ය උපදෙස් සහ වීඩියෝ පට රැසක් අන්තර්ගතය.
තමන්ට දිගුකාලීනව පවති්න රෝග සම්බන්ධ ගැටලු විශේෂඥ වෛද්යවරයෙකුට ඉදිරිපත් කිරීමේ හැකියාව ද මෙම වෙබ් පිටුව මගින් සලසා දීම ද විශේෂත්වයකි. මේ සඳහා වට්ස් ඇප් මගින් හෝ ඊමේල් මගින් තම ප්රශ්නය යොමු කළ හැකි අතර නියමිත කාල සීමාවක් තුළ අවශ්ය වෛද්ය උපදෙස් තමාට ලබා ගත හැකි බව ශ්රී ලංකා කායික රෝග වෛද්ය විද්යා ආයතනයේ සභාපති වෛද්ය සුරංග මානිල්ගම මහතා පවසයි.

WhatsApp Group

Skip to content