අදින් ඇරඹෙන සතිය සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ඉතාමත් තීරණාත්මක සතියක් වනු ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා පවසනවා.

රට තුළ පවතින බුද්ධිගලනය මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින අඩුපාඩුකම් පිළිබදව රජයේ අවධානය ලබා නොදීම හමුවේ ඉදිරි දින කිහිපයේදී වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/09/HARITHA-ALUTHGE-EDIT.mp3?_=1

මේ අතර මඩකලපුව දිස්ත්‍රික්කයේ රෝහල්වල නේවාසික රෝගීන් සදහා ආහාර ලබා දීම අත්හිටුවා තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මඩකලපුව දිස්ත්‍රික් නිලධාරියෙකු සදහන් කළේ ආහාර සැපයුම්කරුවන් සදහා මුදල් ලබා නොදීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.

එම සැපයුම්කරුවන් සදහා මාස කිහිපයකට අදාළ මුදල් ගෙවීමට ඇති බවටයි අදාළ නිලධාරියා වැඩිදුරටත් සදහන් කළේ.

WhatsApp Group

Skip to content