පසුගිය මාස කිහිපය තුළ රජයේ රෝහල්වල සිදු වූ මරණ හේතුවෙන් සෞඛ්‍ය අංශයට චෝදනා රැසක් එල්ල වුණා.

අදාළ චෝදනා සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කර වාර්තාවක් ලබා දීම සදහා පත් කරන පංච පුද්ගල කමිටුව සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් අද දින නම් කිරීමට නියමිතයි.

ඖෂධ පිළිබදව මෙන්ම ආසාත්මිකතා සම්බන්ධයෙන් ද පුළුල් දැනුමක් සහ අවබෝධයක් ඇති මහාචාර්යවරුන් ඇතු`ඵ පස් දෙනෙකුගෙන් මෙම විද්වත් කමිටුව සමන්විය යුතු බවටයි සෞඛ්‍ය අමාත්‍යවරයා තීරණය කර ඇත්තේ.

මෑත කාලයේ රජයේ රෝහල්වල සිදු වූ මතභේදයට තුඩු දුන් සියලු මරණ සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යනයක් සිදු කර ඇමතිවරයාට ඔවුන් වාර්තාවක් ලබා දීමට කටයුතු කළ යුතු බවටයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කියා සිටියේ.

එමෙන්ම පෙරාදෙණිය ශික්ෂණ රෝහලේදී එන්නතක් ලබා දීම හේතුවෙන් මිය ගිය තරුණිය පිළිබද සිදු කරන ලද විමර්ශනයට අදාළ වාර්තාව අද දින සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට භාර දීමට නියමිතව ඇති බව ද සදහන්.

WhatsApp Group

Skip to content