සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ නිලධාරින් අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

මෙහිදී රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ නිලධාරින් විසින් සිය වෘත්තීය ගැටළු කිහිපයක් පිළිබදව සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුවත් කිරීමට පියවර ගන්නා ලදි.

ඒ අනුව උපාධිධාරී ඖෂධවේදීන් සෞඛ්‍ය සේවයට බඳවා ගැනීම, පුරපුපාඩු යාවත්කාලින කිරිම, වෛද්‍ය සැපයීම් අංශය (MSD) ඖෂධවේදීන් හට ඇති වී තිබෙන ගැටළුකාරී තත්ත්වයන්, සියළුම අධ්‍යයන කටයුතු අවසන් කර සිටින ඖෂධවේදී කණ්ඩායමේ පත්වීම් ලබාදීම දිගින් දිගටම ප්‍රමාධවීම, වර්තමාන ඖෂධ කළමණාකරණ පද්ධතිය වන “ස්වස්ථා”” දත්ත පද්ධතියේ පවතින අඩුපාඩු ඇතුලු ගැටළු කිහිපයක් රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ නිලධාරින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෙත මෙහිදී ඉදිරිපත් කරන ලදි.

WhatsApp Group

Skip to content