පවතින වැසි තත්ත්වයත් සමග මතු වී ඇති ඩෙංගු අවදානම තුරන් කිරීමේ අරමුණින් අද සිට දින තුනක ඩෙංගු මර්ධන වැඩසටහනක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවල මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතා සඳහන් කළා.

ඩෙංගු මදුරුවන් බෝවීම වළක්වා ගැනිමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබනවා.

පසු ගිය දින 21 ක කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 1874 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, වසරේ මේ දක්වා කාලය තුල ඩෙංගු රෝගීන් 41,285 දෙනෙකු වාර්තා වී ඇති බවයි.

WhatsApp Group

Skip to content