සෞඛ්‍ය අංශයේ හෙද හෙදියන් ඇතුළු කාර්ලය මණ්ලඩ සඳහා ගෙවනු ලබන නිල ඇඳුම් දීමනා ඉහල දමා තිබෙනවා.

මේ අනුව හෙද කාර්ය මණ්ඩලය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහා දැනට ගෙවන රුපියල් 15000 එම දීමනාව මෙම වසර සඳහා රුපියල් 25000ක දක්වා ඉහල දමා ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කලේ.

එමන්ම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට දැනට ගෙවන රුපියල් 14000 දීමනාව රුපියල් 23000 දක්වා රුපියල් 9000 කින් වැඩිකර ඇති බව සඳහන්.

මැලේරියා සහ බරවා මර්දන සහායක ,මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරී , කීට විද්‍යා සහකාර ,පාසල් දන්ත චිකිත්සක යන තනතුරුධාරින්ට දැනට ගෙවන රුපියල් 10300 දීමනාව රුපියල් 17000 දක්වා වැඩි කර තිබෙනවා.
පශු එන්නත්කරුවන්ට හා කනිෂ්ට කාර්ය මන්ඩල සේවකයන්ට දැනට ගෙවන රුපියල් 9300 දීමනාව රුපියල් 15000 දක්වා හා දැනට ගෙවන දීමනාව මෙන් දෙගුණයක් වනසේ මෙම සියලු තනතුරු සඳහා ලබන වසරට බලපාන පරිදි 2025.01.01 සිට නැවතත් මෙම නිල ඇඳුම් දීමනා ඉහල නංවා ඇති බව සඳහන්.

මෙම සංශෝධිත දීමනා ගෙවීමට අදාළ චක්‍රලේඛය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් පී.ජී.මහීපාල මහතා විසින් නිකුත් කර ඇති අතර මෙම වසර සඳහාවූ මෙම සංශෝධිත දීමනා මැයි මාසයේ සිටද ලබන වසර සඳහා වූ සංශෝධිත දීමනා එම වසරේ මාර්තු මස සිට ද ගෙවීමට අනුමැතිය හිමිව තිබෙනවා.

WhatsApp Group

Skip to content