කොල්ලූපිටිය සහ කොම්පඤ්ඤවීදිය පොලිස් වසම්වල දේපොළ සොරාගැනීම් රැසකට සම්බන්ධ අඹුසැමි යුවළක් ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලීසිය පවසයි.

අත්අඩංගුවටගත් අය අතර ,රෙඩ් බානාවත්තේ පුතා, සහ ,මරදානේ ඉම්රාන්, යන අන්වර්ථ නම්වලින් හඳුන්වන පුද්ගලයන් දෙදෙනාද වන බව පොලීසිය කීය.

එම සැකකරුවන් සොරාගෙන තිබූ රුපියල් ලක්ෂ 15කට අධික වටිනා ලැෆ්ටොෆ් පරිගණක 6ක් පරිගණක කොටස්, ටැබ් යන්ත්‍ර, මිල අධික පාපැදියක් පොලිස් භාරයට ගෙන තිබේ.

WhatsApp Group

Skip to content