සේවා තුනක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් රජය විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මෙලෙස අත්‍යවශ්‍ය සේවා බවට නිවේදනය කර ඇත්තේ විදුලිබල සැපයීම, ඛනිජ තෙල් සහ රෝහල් යන සේවාවනුයි.

මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගයකට අනුව ජනාධිපති ලේකම්වරයා විසින්.

ඒ අනුව අදාළ ආයතන වල සියලුම සේවා මෙන්ම වැඩ හෝ ශ්‍රමය එලෙස අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරෙනු ඇති.

අදාළ තීරණය ගෙන ඇත්තේ සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යෑම සහ ඊට බාධා අවහිර ඇතිවීම වැළැක්වීම සඳහා බවද මේ සම්බන්ධව නිකුත් කල නිවේදනයේ දැක්වෙනවා.

WhatsApp Group

Skip to content