ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම සතු සේවකයන් මෙන්ම යන්ත්‍රසූත්‍ර ද මේ වනවිට උපරිම ධාරිතාවෙන් යුතුව ක්‍රියාත්මක වන බව එම සමාගම පවසනවා.

මේ වන විට ගර්භනී සහ කිරිදෙන මවුවරුන්ට මෙන්ම වයස අවුරුදු තුනට වැඩි දරුවන්ට ත්‍රිපෝෂ සපයන බවත් එම සමාගමේ සභාපති දීප්ති කුලරත්න මහතා පැවසුවා .

වයස මාස 6 ත් අවුරුදු 3 ත් අතර දරුවන්ගේ ත්‍රිපෝෂවලට අදාල නිර්නායකයන් සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බවත් ඒ සදහා සෞඛ්‍ය අමාත්‍යංශය විසඳුමක් ලබා දෙන්නේ නම් එම වයස් කාණ්ඩයේ දරුවන්ට ද ත්‍රිපෝෂ සැපයීමේ හැකියාව ඇති බවත් ඔහු සදහන් කළා .

https://www.vnews.lk/storage/2023/07/DEEPTHI-KULARATHNA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content