කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින බවට සමාජ මාධ්‍ය ක්‍රියාකාරි සේපාල අමරසිංහ මහතා විසින් දැනුම් දීමෙන් අනතුරුව ඔහුගේ නඩු කටයුතු අවසන් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කළා.

එම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ කැදවනු ලැබුවා.

දළදා වහන්සේට අපහාස කිරීම සම්බන්ධයෙන් සේපාල අමරසිංහ මහතාට චෝදනා එල්ලවී තිබුණා.

අද නඩුව කැදවු අවස්ථාවේදී සේපාල අමරසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් කියා සිටියේ තම සේවාදායකයා මහානායක හිමිවරුන්ගෙන් සහ බෞද්ධ ප්‍රජාවගෙන් කොන්දේසි විරහිතව සමාව අයැද සිටින බවයි.

WhatsApp Group

Skip to content