ගායන ශිල්පී සේනක බටගොඩ මහතාට ඔහු ගායනා කළ ගීත 7ක් මින් ඉදිරියට ගායනය කිරීම තහනම් කරමින් අද වාරණයක් නිකුත් කෙරුනා.

කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් අද (02) එම වාරණය නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව පහත ගීත 7 ගායනය කිරීම වළක්වමින් එම වාරණ නියෝගය නිකුත් කර තිබෙනවා.
– අපි කවුරුද
– අපි සැනසිල්ලේ
– අළු යට ගිනි
– රස්තා
– හීනවලට පනක් තිබෙනවා
– හොඳම දේ
– සැනසෙන්නම්

ඒකාබද්ධ ගීත පදරචනය, තනු නිර්මාණය සහ සංගීත සංකල්පය කළ ජනත් කුලතිලක මහතාට බුද්ධිමය දේපොළ පනත යටතේ ගෙවිය යුතු කතෘ භාගය නොගෙවීම සම්බන්ධයෙන් සිය නීතිඥයින් මාර්ගයෙන් ගොනුකර තිබූ පැමිණිල්ලක් සලකාබැලූ විනිසුරුවරයා ජනත් කුලතිලක මහතාගේ ලිඛිත අවසරයකින් තොරව එම ගීත 7 වෙනත් පාර්ශ්වයන් වෙත පැවරීම වළක්වාලමින් ද වාරණයක් නිකුත් කරනු ලැබුවා.

WhatsApp Group

Skip to content