ගීත 7ක් ගායනා කිරිම වාරණය කරමින් කොළඹ වානිජ මහාධිකරණය විසින් සේනක බටගොඩ මහතාට එරෙහිව නිකුත් කර තිබු වාරණ ආඥාව, ජුනි 18 දක්වා දීර්ඝ කර තිබෙනවා.

“අපි කවුරැද, අපි සැනසිල්ලේ, අළු යට ගිනි, රස්තා, හීන වලට පනක් තියෙනවා, හොදම දේ සහ සැනසෙන්නම් මා” යන ගීත අධිකරණය විසින් වාරණය කරන ලද ගීත අතරට ඇතුලත්.

එකී ගීතවල ඒකාබද්ධ පද රචනය, තනු නිර්මාණය සහ සංගීත සංකලනය සිදු කරන ලද සංගීතඥ ජනත් කුලතිලක මහතා විසින් මෙම නඩුව ගොනු කර තිබුනා.

WhatsApp Group

Skip to content