රුසියානු හමුදාව විසින් යුක්රේනයේ ක්‍රිව් රිහි වෙත එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම ප්‍රහාරයෙන් තවත් 29 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි උපන් ගමට වන බව සදහන්.

මෙහිදි මිසයිල ප්‍රහාරය මහල් නිවාස සංකීර්ණයකට එල්ල වී ඇති අතර තුවාල ලැබූ පිරිසෙහි ළමුන් 5 දෙනෙකු ද සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content