අධිකරණ නියෝග කඩ කරමින් විරෝධතාවට එක්වීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතා ඇපමත මුදාහැර තිබෙනවා.

ඒ යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුයි.

මන්ත්‍රීවරයා ඇතුළු 18 දෙනෙකු ඊයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළා.

ඔවුන්ට ද අධිකරණය විසින් ඇප ලබා දී තිබෙනවා.

යාපනය ප්‍රදේශයේ විරෝධතා නොපවත්වන ලෙසට අධිකරණ නියෝගයක් ලබා දී තිබියදී ඔවුන් කලහකාරීව හැසිරෙමින් විරෝධතාවේ නිරත වී තිබුණා.

WhatsApp Group

Skip to content