මිනුවන්ගොඩ බෝගස අසලදී ඊයේ සවස 06.30 ට පමණ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් එක් පුද්ගලයෙකු මිනුවන්ගොඩ රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් රෝහලට මාරු යවා ඇත.

ගැටුමට හේතුව වී ඇත්තේ පහර කෑ පුද්ගලයාගේ දරුවා සෙල්ලම් කරන විට බෝලය වෙනත් වෙළඳ සලක වැදුනු අවස්ථාවේ එහි හිමිකරු “මිනුවන්ගොඩ ඔරලෝසු කණුවේ එල්ලනවා” යැයි කියා තර්ජනය කර තිබේ.

තර්ජනයට ලක්වූ දරුවාගේ මව එම පුද්ගලයාගෙන් සිද්ධිය පිළිබඳ විමසූ අවස්ථාවේ ඇයටද සෙරෙප්පුවකින් ඔහු පහරදී ඇත.

දරුවාගේ මවට පහර දෙනු දුටු දරුවාගේ පියා එය බේරීමට ගිය විට තවත් පුද්ගලයින් හතර දෙනකු ඔහුගේ පපු ප්‍රදේශයට සහ ඔලුවට පහරදී ඇත.

ඉන්පසු පහර කෑ පුද්ගලයා මිනුවන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් රෝහලට යවා ඇති බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

පහර දුන් පුද්ගලයාත් මිනුවන්ගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව මිනුවන්ගොඩ පොලිස් ස්ථානය ප්‍රජා පොලිස් අංශයේ ස්ථානාධිපති චන්ද්‍රසිරි මහතා අප කළ විමසීමකදී ප්‍රකාශ කර සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත.

WhatsApp Group

Skip to content