මෙරටින් ප්‍රථමවරට අප්‍රිකානු සූකර උණ රෝගය වාර්තා වීම හේතුවෙන් එම ඌරුන් ප්‍රවාහනය
සිදුකරන්නේ නම් ඊට ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය අනිවාර්ය කර ඇති බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේ වෙතත්, රෝගය සෙසු ප්‍රදේශවලට පැතිර යාම වැළැක්වීම සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අතර ප්‍රවාහනය සිදුකරන්නේ නම් ඊට ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතියද අනිවාර්ය කර තිබෙනවා.

එමෙන්ම, අප්‍රිකානු සූකර උණ රෝගී ලක්ෂණ, ඌරන් ඇති කරන ගොවිපොලක පෙන්නුම් කරන්නේ නම් එම ස්ථානවලට මුද්‍රා තැබීම සදහා අධිකරණ නියෝග ලබාගන්නා ලෙසයි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කලේ.

WhatsApp Group

Skip to content